Thursday, March 13, 2008

ප්‍රවාහනය


මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මගී ප‍්‍රවාහන කටයුතු දෙආකාරයකට සිදුවේ.

1. බස් සේවාව
2. දුම්රිය සේවාව

බස් සේවාවබස් සේවාව දෙආකාරයකට සිදුවේ.

* ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් සේවාව

* මාර්ගස්ථ මාර්ග ප‍්‍රවාහන අධිකාරියේ බස් සේවාව

ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් සේවාව මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් ක‍්‍රියාත්මක වන බස් සේවාව
මීගමුව, ගිරිඋල්ල, වෙන්නප්පුව, කුලියාපිටිය, හලාවත යන ඩිපෝ මඟින් ධාවනය වන බස් සේවාවන්ගෙන් සමන්විත වේ.
කොළඹ - පුත්තලම හා කොළඹ - කුලියාපිටිය ප‍්‍රධාන මාර්ගයේ දිවෙන බස් රථද මෙයට ඇතුලත් වන අතර එම බස් සේවාවන් බස්නාහිර පලාත් සභාව හා වයඹ පලාත් සභාව මඟින් පාලනය කෙරේ.

මීගමුව ඩිපෝව මඟින් ධාවනය වන බස් රථ පිළිබඳ විස්තර -
අනු මාර්ග අංකය ගමන් ගන්නා මාර්ගය ධාවනය වන බස්රථ සංඛ්‍යාව
1. 3 මීගමුව- කතරගම02
2. 34 මීගමුව පන්නල හරහා කුරුණෑගල 04
3. 34/2 මීගමුව- කැකිරාව01
4. 98 මීගමුව- බලංගොඩ01
5. 240 මීගමුව- කොළඹ15
6. 242 මීගමුව- දිවුලපිටිය02
7. 244 මීගමුව- ගම්පහ01
8. 244 මීගමුව- මුතුවාඩිය01
9. 245 මීගමුව -ආඬිඅම්බලම, මිනුවන්ගොඩ හරහා වේයන්ගොඩ06
10. 246 මීගමුව -දාගොන්න හරහා මිනුවන්ගොඩ05
11. 246/2 මීගමුව- දාගොන්න, යටියන හරහා මිනුවන්ගොඩ01
12. 247 මීගමුව - වැලිහේන පාර කටාන01
13. 250 මීගමුව- මඩම්පැල්ල01
14. 251 මීගමුව- කටාන02
15. 270 මීගමුව- මිනුවන්ගොඩ හරහා ගම්පහ01
16. 905 මීගමුව- පෝරුතොට හරහා කොච්චිකඬේ05
17. 907 මීගමුව- හලාවත01
18. 925 මීගමුව- හෙට්ටිරිප්පුව 01

මීගමුව ලාසරස් පාරේ ඇති බස් ඩිපෝවෙහි බස් රථ 100 ක් පමණ තිබුණද
ධාවනය සඳහා යොදා ගතහැකි බස් රථ ඇත්තේ 50 ක් පමණි.