Thursday, July 31, 2008

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලදී සිදු වන අනතුරු වැඞීවිමේ ප‍්‍රවනතාවයක් මෑතක සිට මීගමුව නගරය හා අවටින් වාර්තා වන්නට විය. මෙහිදී මීගමුව නගර සිමාවේ එනම් මීගමුව බස් නැවතුම් පොල පිහිටි ‘‘අගරදගුරු නිකලස් මාකස් මාවත’’ ට පිවිසෙන අතුරු පාරක් වූ තලා¥ව පාරේ පිහිටි දුමිරිය හරස් මාර්ගයේ නිරන්තරයෙන්ම විවිධාකාරයේ අනතුරු සිදු වනු දැකිය හැකිය.මෙහිදී සිදු වූ මාරාන්තික අනතුරු ප‍්‍රමානයද ඉතා ඉහලය. මෙම ස්ථානයේ මීගමුව හා මීගමුව අවට පිහිටි වෙනත් දුම්රිය හරස් මාර්ගයන්ට වඩා වැඩි අනතුරු සංඛ්‍යාවක් පසුගිය කාලය පූරා වාර්තාවීම නිසාම මෙම ස්ථානය පිලිබ`ද නීරික්ෂණයක යෙදෙන්නට අප තීරණය කලෙමු.
ආරක්ෂිත ගේට්ටුවක් නොමැති මෙම ස්ථානයට ගිය අප වෙත දක්නට ලැබුනේ දුම්රිය හරස් මාර්ගයට පිවිසෙන තලා¥ව පාර දෙපස මලකඩ කා දුර්වර්ණ වූ පුවරු දෙකක් විනාශයට යමින් පවතින බවයිි. එය මෙම ස්ථානයේ පවතින අනාරක්ෂිත බව ප‍්‍රකාශ කිරීමට තරම් සුදුසු නොවන අතරම එම පුවරු වසර ගනනාවකින් නිසියාකාරව හා විධිමත්ව ප‍්‍රතිසංස්කරණය කර නොමැති බවද මෙහිදී දක්නට ලැබිණි. මෙම ස්ථානයේ පවතින අනාරක්ෂිත බව හා මේ ස්ථානයේ පවතින තත්වය පිලිබ`දව මුලින්ම අප සම`ග අදහස් දක්වමින් කථා කලේ මෙම ස්ථනය ආසන්නයේම ස්ථාපිත කර ඇති ‘‘සූරිය එයාර්කන්ඩිෂන් ’’ආයතනයේ සේවයේ නියුතු කොච්චිකඬේ ප‍්‍රදේශයේ පදිංචි ගයාන් මධුෂංකයි. ඔහු පවසන්නේ 2008 වසරේ ජූලි මාසය වනවිට එනම් ගෙවී ගිය සත් මසක කාලය පුරා මේ ස්ථානයේ අනතුරු 05 ක් පමන සිදු වී ඇති බවයි. ඔහු ඒ පිලිබ`දව වැඩි දුරටත් අදහස් දක්වමින් මෙලෙස පවසයි. ‘‘ මම මේ ආයතනයට වැඩට ඇවිත් අවුරුදු 05 ක් පමන වෙනවා. මේ කාල සීමාවේදී විවිධාකාරයේ අනතුරු මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී සිදු වෙනවා මම දැකලා තියෙනවා. සමහර ඒවා බොහෝමයක්ම මාරන්තීක අනතුරු . විශේෂයෙන්ම තලා¥ව පාරේ සිට මහා පාරට ඒ කියන්නේ අගරදගුරු නිකලස් මාකස් මාවතට පැමිනෙද්දී තමයි හු`ග දෙනෙක් අනතුරු වලට ලක් වුනේ. මේ ඊයේ පෙරේදා දවසක මේ ළ`ගම තියෙන කීල්ස් සුපර් මාර්කට් එකේ ආරක්ෂක සේවයේ නිලධාරියෙකුයි, නිලධාරිනියෙකුයි මේ ස්ථානයේදීම දුම්රියට හැප්පිලා මැරුනා. එයාලා ආවේ තී‍්‍ර වීල් එකකින් . තී‍්‍ර වීල් ඒක දුම්රිය පාර මැද නතර වුනා. ති‍්‍රවීල් එක එලවන් ආපූ ඩ‍්‍රයිවර් දුමිරිය එද්දී පැනලා දුවලා බේරුනා. අර දෙන්නා හැප්පිලා එතනම මැරුනා. මෙතන්ට ආරක්ෂිත ගේට්ටුවක් දැම්මා නම් මේ සෑම අනතුරක්ම වලක්වා ගන්නට පු`එවන් වෙනවා. එහෙම ගේට්ටුවක් දාන්න බැරි නම් අඩුම තරමේ සංඥා එලියක් ඒ කියන්නේ සිග්නල් ලයිට් එකක් වාගේ වත් දැම්මොත් නම් මේ සිදු වෙන අනතුරු ගොඩක් දුරට අඩු කර ගන්න පු`එවන් වේවී. දැන් මෙතන හරිහමන් විදිහට පේන බෝඞ් එකක්වත් නැහැනේ.මේ පාරෙන් එන බොහෝමයක් ෆුටි සයිකල් ඇතු`එ සිය`එ වාහන පදවන අය තලා¥ව පාරේ මේ දුමිරිය හරස් පාර ළ`ග බෑවුමකුත් තියෙන නිසා එක පාරටම ඔතනින් එහා පැත්තට දාන්න බලනවා. සමහර විටෙක දුමිරිය එනවා ඒ අය දකින්නෙත් නැහැ. ඉස්සරහ ගෙදර ඇන්ටී කෝච්චිය එනවා කියලා කැගහලා තමයි හු`ගාක් අයව බේරා ගෙන තියෙන්නේ. අපි දන්න තරමින් දුමිරිය දෙපාර්තමේන්තුවෙන්වත් , පොලිසියෙන්වත් මේ ගැන සොයන්න බලන්න ඇවිල්ලා නැහැ තවම නම්’’.
ගයාන් මධුෂංකගේ අදහස් දැක්වීමේදී ඔහු විසින් පවසන ලද ඉස්සරහ ගෙදර ඇන්ටී හෙවත් ශී‍්‍රයාණි මිරෙන්ඩා මහත්මියව හමු වීමටද අපට මෙහිදී අවශ්ථාවක් උදා විය. ඒ මහත්මිය විසින්ද මෙම ස්ථානයේ පවතින අනාරක්ෂිත බව පිලිබ`දව අපව දැනුවත් කලාය. ඇය පවසන්නේ තමා මෙතන පදිංචියට පැමින දැනට වසර 12 ක් පමන වන බවත් එම කාලය පුරා මෙම ස්ථානයේදී මාරක අනතුරු ඇතු`එ අනතුරු රාශියක් සිදු වූ බවත් එම අනතුරු වලින් මිය ගිය ප‍්‍රමානය 20 ක් 25 ක් අතර වන බවයි. පසුගිය වසරේ අසල ඇති දෙවස්ථානයේ වාර්ෂීක මංගල්‍යය පවත්වන දිනයේ මීගමුව දෙහිමල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිය යතුරු පැදියෙන් තලා¥ව පාරෙන් පැමින ප‍්‍රධාන මාර්ගයට පිවිසීමත් සම`ගම පැමිණි දුම්රියට ඔහු බිලි වූ ආකාරය තමනට කිසිදා අමතක කල නොහැකි අනතුරක් බවද ඇය ස`දහන් කලාය. ඇය පවසන ආකාරයට මෙම ස්ථානයට ආරක්ෂිත ගේට්ටුවක් හෝ සංඥා එලියක් හෙවත් සිග්නල් ලයිටි එකක් නොමැතිකම එලෙසම දුමිරිය හරස් මාර්ගයක් බව හැ`ගවෙන නිසියාකාර පුවරුවක්වත් නොමැතිවීම මෙම අනතුරුවලට ප‍්‍රධාන හේතුව බවට පත් වුවද මෙම තලා¥ව පාරෙන් අගරදගුරු නිකලස් මාකස් මාවතට පිවිසෙන පා පැදි, යතුරු පැදි හා වෙනත් රථ වාහන පදවන්නන්ද කිසිදු අවධානයකින් හා සැලකිල්ලකින් තොරව මෙම ස්ථානයෙන් ගමන් කරන බවත් එම නොසැලකිල්ල හා අවධානය නොමැතිකම මෙම ස්ථානයේ සිදු වූ බහුතරයක් අනතුරු වලට හේතු පාදක වූ බවත් ඇය පවසයි විශේෂයෙන්ම තලා¥ව පාරේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේම බෑවුම් අකාරයට පාර තනා ඇත්තේ පැමිනෙන වේගය අඩු කිරීමට බවද ඇය පවසයි. එහෙත් මෙම ස්ථානය පසු කරන සිය ගනනක් වන රථ වාහන බහුතරයක් එම ස්ථානයේදී තම රථ වාහනේ වේගය අඩු නොකරන බවද ඇය පවසයි. විශේෂයෙන්ම සතියේ දිනවල උදෑසන 6.30 ත් 8.00 ත් අතර කාලය තුල පාසල් බස් හා වෑන් රථ විශාල ප‍්‍රමානයක් තලා¥ව පාරෙන් අගරදගුරු නිකලස් මාකස් මාවතටත් එහි සිට නැවත තලා¥ව පාරටත් ගමන් කරන බැවින් හා මේ වේලාවන් වලදී ¥මිරියන්ද ගනනාවක්ම මීගමුවේ සිට කොළඹ දෙසටත් කොළඹ දෙස සිට මීගමුවටත් කි‍්‍රයාත්මක වන බැවින් විශාල අනතුරක් සිදුවීමට වැඩි ඉඩකඩක් පවතින බවද ඇය අවධාරනය කරයි. ඒ නිසා හැකි ඉක්මනින්ම මේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන්ගේ ආරක්ෂාවට යම් ආකාරයක ආරක්ෂිත පියවරක් ගැනීම බලධාරීන්ගේ වගකීම හා යුතුකම බවද ඇය වැඩි වැඩිදුරටත් පවසයි . මෙම විමර්ෂණයේදී අප වෙත අදහස් දැක්වීමට ඉදිරිපත් වූ මීගමුව

Thursday, March 13, 2008

ප්‍රවාහනය


මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මගී ප‍්‍රවාහන කටයුතු දෙආකාරයකට සිදුවේ.

1. බස් සේවාව
2. දුම්රිය සේවාව

බස් සේවාවබස් සේවාව දෙආකාරයකට සිදුවේ.

* ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් සේවාව

* මාර්ගස්ථ මාර්ග ප‍්‍රවාහන අධිකාරියේ බස් සේවාව

ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් සේවාව මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් ක‍්‍රියාත්මක වන බස් සේවාව
මීගමුව, ගිරිඋල්ල, වෙන්නප්පුව, කුලියාපිටිය, හලාවත යන ඩිපෝ මඟින් ධාවනය වන බස් සේවාවන්ගෙන් සමන්විත වේ.
කොළඹ - පුත්තලම හා කොළඹ - කුලියාපිටිය ප‍්‍රධාන මාර්ගයේ දිවෙන බස් රථද මෙයට ඇතුලත් වන අතර එම බස් සේවාවන් බස්නාහිර පලාත් සභාව හා වයඹ පලාත් සභාව මඟින් පාලනය කෙරේ.

මීගමුව ඩිපෝව මඟින් ධාවනය වන බස් රථ පිළිබඳ විස්තර -
අනු මාර්ග අංකය ගමන් ගන්නා මාර්ගය ධාවනය වන බස්රථ සංඛ්‍යාව
1. 3 මීගමුව- කතරගම02
2. 34 මීගමුව පන්නල හරහා කුරුණෑගල 04
3. 34/2 මීගමුව- කැකිරාව01
4. 98 මීගමුව- බලංගොඩ01
5. 240 මීගමුව- කොළඹ15
6. 242 මීගමුව- දිවුලපිටිය02
7. 244 මීගමුව- ගම්පහ01
8. 244 මීගමුව- මුතුවාඩිය01
9. 245 මීගමුව -ආඬිඅම්බලම, මිනුවන්ගොඩ හරහා වේයන්ගොඩ06
10. 246 මීගමුව -දාගොන්න හරහා මිනුවන්ගොඩ05
11. 246/2 මීගමුව- දාගොන්න, යටියන හරහා මිනුවන්ගොඩ01
12. 247 මීගමුව - වැලිහේන පාර කටාන01
13. 250 මීගමුව- මඩම්පැල්ල01
14. 251 මීගමුව- කටාන02
15. 270 මීගමුව- මිනුවන්ගොඩ හරහා ගම්පහ01
16. 905 මීගමුව- පෝරුතොට හරහා කොච්චිකඬේ05
17. 907 මීගමුව- හලාවත01
18. 925 මීගමුව- හෙට්ටිරිප්පුව 01

මීගමුව ලාසරස් පාරේ ඇති බස් ඩිපෝවෙහි බස් රථ 100 ක් පමණ තිබුණද
ධාවනය සඳහා යොදා ගතහැකි බස් රථ ඇත්තේ 50 ක් පමණි.

Friday, February 22, 2008

හැඳින්වීම
හැඳින්වීම